නිල් ගෑස් හිඟය ගැන කියන්න ඇමති විජිතත් කට අරියි
ඇමති චාමර සම්පත් දසනායක මහතා ලබන වසරේ දී රට තුළ ගෑස් ගිගයක් ඇතිවන බවට සඳහන් කළේය.
ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා පවසන පරිදි , අනාගතයේ දී රට තුළ කිසිදා ගෑස් හිඟයක් ඇති නොවන බව සහ එයට බිය නොවන ලෙස ප්‍රකාශ කරයි.
අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින්, අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවන්න උත්සාහ කරන බවත්, ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් ක්‍රියාවලිය මඟින් මේ වනවිට සොයාගෙන ඇති බවත් ය.
දේශබන්දුට විරුද්ධව දුන්න පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනියි - මහාධිකරණයෙන් තීන්දුවක්
ඒ අනුව, එම සමාගමේ පළමු ගෑස් නැව 2026 ජනවාරි මස 5 වන දා දක්වා දිවයිනට පැමිණෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, අද උදෑසන පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කරමින්, නව සමාගමට ගෑස් ටෙන්ඩරය ලබා දීම හේතුවෙන් මාර්තු මාසය වනවිට මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බව පිළිගත හැකි කරුණක් නොවන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී විජිත හේරත් මහතා,
"පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කරා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබාදුන්නා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදියට අපි සියලුදෙනා එකාවන්ව නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා."
යනුවෙන් ප්‍රකාශ කළේය.