දේශබන්දුට විරුද්ධව දුන්න පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනියි - මහාධිකරණයෙන් තීන්දුවක්
ඉකුත් 2022 වසරේ මැයි මස 9 වන දින ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කර ඇත.
අඳාළ තීන්දුවට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.