ඇමති ලේලිය වහාම රක්ෂිත බන්ධනාගාරයට..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Sep 09, 2024 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් දමන ප්ලාස්ටික් කැටයක දමා අල්මාරියක සඟවා තිබු ජීව උණ්ඩ තොගය සම්බන්ධයෙන් සැකපිට උතුරුමැද පළාත් හිටපු ඇමතිවරයෙකුගේ පුතෙකුගේ බිරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කොට තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසුවේ, පසුගියදා එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි (44) හැවිරිදි කාන්තාවක්.

සිය සැමියාගේ පියා වන උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන අභාවප්‍රාප්ත පී.බී දිසානායකගේ නිවසේ සිට රැගෙන ආ ගෘහභාණ්ඩ අතර මෙම කැටය තිබූ බවයි, එම කාන්තාව පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබුණා.

ජාතික ගීය හා කොඩිය වෙනස් කිරීමට යයි - දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..

ජාතික ගීය හා කොඩිය වෙනස් කිරීමට යයි - දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..

ගලෙන්බිදුණුවැව පොලිසිය ඉකුත්දා පැවසුවේ,එම නිවසේ තිබියදී ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01ක් මෙසේ සොයාගත් බවයි.

එම ප්‍රදේශයේ පාසලක 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරුවෙක් විසින් පාසලට ගෙන එන ලද ජීව උණ්ඩයක් පංති බාර ගුරැවරයා දැක තිබෙනවා. ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කිරීමටයි පංති බාර ගුරැවරයා පියවර ගෙන ඇත්තේ. පසුව විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇති අතර එම නිලධාරීන් පාසලට පැමිණ පරීක්ෂා කර තිබුණා.

එහිදී එම පතුරම ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන එකක් බව තහවුරු කරගෙන තිබෙනවා. පසුව පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි සොයා ගත්තා.

පොලිසිය නිවස පරික්ෂා කරන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ දරැවාගේ මව පමණයි. දරුවාගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බවට බිරිය පැවසූ බවයි පොලිසිය පවසන්නේ.