මූතූර් පාලු ළිඳකින් තරුණියකගේ මළ සිරුරක්...

By Parami Dissanayake Jul 05, 2024 03:24 PM GMT
Report

මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර මුතූර් පොලිසිය පැවසුවේ අද (05) මුතූර් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ එම මළ සිරුර ගොඩගත් බවයි.

මෙම තරුණිය සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී නැමති විසිපස් හැවිරිදි තරුණියකි.

ජැෆ්නා කණ්ඩායමට කාසියේ වාසිය...

ජැෆ්නා කණ්ඩායමට කාසියේ වාසිය...

පසුගිය ජූනි (13)දා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගිය දියණිය ජූලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කළ බවත් ඉන්පසුව කතා නොකළ නිසා දියණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම් සසිකලා නැමැත්තිය සේරුනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඩොලර් බිලියන 08ක සහනයක් - ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඩොලර් බිලියන 08ක සහනයක් - ජනාධිපති

මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර් පොලිසිය මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩගනු ලැබීය.

මරා දැමූ තරුණියගේ පෙම්වතා යයි කියන තැනැත්තා කිලිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත.