ප්‍රභල රාජපක්ෂවරයෙක් LTTE හමුවට ?

By Sewvandhi Sep 15, 2021 05:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින එල් ටී ටී ඊ සැකකරුවන් පිරිසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ ඔස්සේ ඔවුන් ‍ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතින් තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හදිසි හමුවක් ඉල්ලා ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට දහවල් කාලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා එම එල්.ටී.ටී.ඊ රැඳවියන් හමුවීමට නියමිත බවයි.

පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි රඳවා සිටී එල්.ටී.ටී.ඊ සැකකරුවන් දෙදෙනකු තමන් ඉදිරියට කැඳවා ඔවුන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා තිබුණා.

මේ සමග මතුවූ දේශපාලන අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව මැදිහත් වීමට සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය ලොහාන් රත්වත්තේ අමතා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන්නා.

ඒ අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුබසාධන අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම ඉල්ලා අස්වීම භාර ගෙන තිබුණා. 

------------------------------------------------------------

ධනංජයගේ ස්ථානය සහ හැකියාවන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ දසුන් කියයි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha