දරුණු තත්ත්වයක් - මේ රෝගය උත්සන්න වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ
දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ ගියහොත් සමස්ත රෝහල් පද්ධතියට එම අවදානම් තත්ත්වය දරාගැනීම අතිශය අපහසු වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා විශේෂයෙන්ම සඳහන් කළේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තනි තනිව මහජනතාවගේ මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සාමූහික වගකීම මේ මොහොතේ ඉතාමත් වැදගත් වන බවය.
තමන් පදිංචි පෞද්ගලික නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍රයන් සහ අනෙකුත් පොදු ස්ථාන නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගැනීම මඟින් ඩෙංගු මදුරුවන් බෝවීම සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතු බවත්, එලෙස නොසැලකිලිමත් ලෙස කටයුතු කර රෝගීන් සංඛ්‍යාව අධික ලෙස වැඩිවීමෙන් සමස්ත ජාතික සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිවම පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නිල රැස්වීමට සක්‍රීයව එක්වෙමිනි.