ලෝකයේ අංක එකට පැමිණි පුංචි තාවි යුරෝපයත් දිනයි – ජාත්‍යන්තර වේදිකාව රනින් බබළවයි
වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර, ජාත්‍යන්තර තරඟාවලි දෙකකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය සාර්ථකව නිමා කර අද (18) දිවයිනට පැමිණියේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 11 හැවිරිදි තාවි, සිය මව සමඟ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.
ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟාවලි තුනක් ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම සංචාරයේදී, ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට තාවි සමත් විය.
කොසෝවෝවේ ප්‍රිස්ටිනා නුවර මැයි 22 සිට 25 දක්වා පැවැති තරඟාවලියේදී, ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයකු ලෙස පළමු වරට වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ කාණ්ඩ දෙකෙහිම අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ තාවි, 11න් පහළ අංශයේ රන් පදක්කමත් 13න් පහළ අංශයේ රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම නෝර්වේහි සැන්ඩිෆියුට් නුවර මැයි 30 සිට ජුනි 2 දක්වා පැවැති තරඟාවලියේදී 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඔහු, තමන්ට වඩා වැඩි වයස් කාණ්ඩයක් වන 15න් පහළ අංශයේ ද හොඳම ක්‍රීඩකයන් අට දෙනා අතරට එක්වීමේ දක්ෂතාවය පෙන්නුම් කළේය.
ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්
දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ කාණ්ඩයේ පෙරමුණේ පසුවන තාවි සමරවීර, දකුණු ආසියානු කලාපයේ 11න් පහළ සහ 13න් පහළ වයස් කාණ්ඩ දෙකෙහිම අංක එකේ ක්‍රීඩකයා ලෙස ද පසුවෙයි.