අභිමානවත් රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගැනේ

Report

පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් නව සේවකයින් 2258 දෙනෙකු බඳවා ගැනීමට රජය කඩිනමින් කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය මාස 18 ක කාල සීමාව තුළ පමණක් ශ්‍රී ලංකා තැපැල් සේවාව සඳහා අලුතින් සාමාජිකයින් 1955 දෙනෙකු බඳවාගෙන ඇති බවත්, ලබන මස පළමු වැනි දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට නියමිතව ඇති බවත්ය.

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ගැන තීන්දුව දෙයි

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ගැන තීන්දුව දෙයි

ඒ අනුව එම සියලුම බඳවා ගැනීම් සම්පූර්ණ වීමෙන් පසුව සමස්ත ශ්‍රේණිගත ප්‍රමාණය 2258 ක් දක්වා ඉහළ යන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දිවයින පුරා ක්‍රියාත්මක වන උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත වඩාත් ශක්තිමත් කිරීමට සහ එහි පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගනිමින්, දීර්ඝ කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ සුදුසුකම්ලත් නිලධාරීන් 192 දෙනෙකු සඳහා නිල වශයෙන් ස්ථීර පත්වීම් පිරිනැමීමේ විශේෂ අවස්ථාවට එක්වෙමිනි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තෙල්දෙණිය කළඹපු ව්‍යායාම විශේෂඥවරිය මැරූ ඝාතකයා සොයා මෙහෙයුමක් - මොහුව දැක්කොත් වහාම පොලීසියට කියන්න

තෙල්දෙණිය කළඹපු ව්‍යායාම විශේෂඥවරිය මැරූ ඝාතකයා සොයා මෙහෙයුමක් - මොහුව දැක්කොත් වහාම පොලීසියට කියන්න

මෙම සුවිශේෂී රාජ්‍ය පත්වීම් ප්‍රදානොත්සවය කොළඹ පිහිටි ප්‍රධාන තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අද 18 වැනිදා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.