අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට ඉදිරිපත් කරන්න රැගෙන යයි
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද (18) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ, රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.