ඩෙංගු මර්ධනයට පුද්ගලයන් 136කට සහ ආයතන 23ක් වටලා ලක්ෂ 16ක් දඩ
ඩෙංගු ඇතුළු මාරාන්තික රෝග පතුරවන මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වීමේ බරපතළ චෝදනාව මත වත්මන් ජුනි මාසය තුළ පමණක් වැරදිකරුවන් වූ පුද්ගලයන් 186 දෙනෙකුට සහ විවිධ ආයතන 23 කට එරෙහිව රුපියල් 1670000 ක අතිවිශාල දඩ මුදලක් අධිකරණය මඟින් නියම කර ඇති බව ගොතටුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ගොතටුව සෞඛ්‍ය බල ප්‍රදේශය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අඛණ්ඩවම සිදුකරන ලද විශේෂ ක්ෂේත්‍ර වැටලීම්වලදී මදුරුවන් බෝවන ආකාරයෙන් ඉතාමත් අපිරිසිදු ලෙස පරිශ්‍රයන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 186 දෙනෙකු සහ පෞද්ගලික ආයතන 23 ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී තිබේ.
පසුව එම සියලුම පිරිස් අදාළ චෝදනා යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු මැනවින් සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්වරයා විසින් වරදකරුවන්ට මෙලෙස ලක්ෂ දහසයකට අධික දැවැන්ත දඩ මුදල් නියම කළ බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් මහජනතාව වෙත පෙන්වා දෙන්නේ.