අක්කරපත්තු රෝහලේ වෛදය අධිකාරිවරයා ඉවත් කිරීමට කරන වැඩ වර්ජනය අසාධාරණයි - ඇමති නලින්ද
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන පරිදි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අක්කරපත්තු මූලික රෝහලේ ආරම්භ කළ වැඩ වර්ජනය සාධාරණ නොවන බව සඳහන් කරයි.
අද (21) පාර්ලිමේන්තුවේදී, රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් එම කරුණ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ තත්ත්වය පැහැදිලි කළේය.
ඉදිරියේදී වැඩිදුර විස්තර දක්වමින්, අමාත්‍යවරයා පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම අනුව අක්කරපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය අයි.එම්. ජවහයිර් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම, මූලික විමර්ශන අවසන් වන තුරු අමාත්‍යංශය තීරණයක් ගත නොහැකි බවයි.
එහිදී අදහස් දැක්වූ ඔහු,
"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ ඉල්ලීම මොකක්ද, ඒ ඉල්ලීම තියෙන්නේ දැනට අක්කරපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස කටයුතු කරන වෛද්‍ය අයි.එම් ජවහයිර් මහතා තනතුරෙන් ඉවත් කරන්න කියන ඒක. ඒ ඉල්ලීම සාධාරණ ද කියලා අහන්නේ. ඇත්තටම කතානායකතුමනි අපි දැන් විමර්ශන කටයුතු කරගෙන යනවා.
මේ පත්වීම ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය සහිතව. විමර්ශන වලින් ඔහු වැරදිකරුවෙක් වුනොත් ඔහු සම්බන්ධයෙන් අමාත්‍යංශයට තීරණයක් ගන්න පුළුවන්. නමුත් එහෙම විමර්ශන පවතින කාලය තුලදී අමාත්‍යාංශයට ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න හැකියාවක් නෑ. මොකද ඊට පස්සේ අමාත්‍යංශයේ තීරණ ගත්ත නිලධාරීන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. සමහර විමර්ශන ගොනු වහලා දාලා තියෙනවා ඔහුට අවවාද කරලා මීට අවුරුදු ගානකට කලින්. ඇත්තටම මේක නැගෙනහිර පළාතේ ඒ ජනතාව පීඩාවට පත් කරමින් වෛදය අධිකාරිවරයා ඉවත් කිරීමට කරන මේ වැඩ වර්ජනය අසාධාරණයි කියලා මට කියන්න පුළුවන්."