පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා - චන්දන අබේරත්න

Report

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කලේ,අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිණි.

ඒ අනුව මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

කොටස් වෙළඳපොල අදත් පහළට

කොටස් වෙළඳපොල අදත් පහළට

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්. ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා."

යනුවෙන් සඳහන් කර තිබේ.

මෙන්න 22වෙනිදගෙන් පස්සේ වෙන්න යන දේ - රටම ප්‍රවේශමෙන්

මෙන්න 22වෙනිදගෙන් පස්සේ වෙන්න යන දේ - රටම ප්‍රවේශමෙන්