කන්ටේනර් නිදහස්කිරීම ගැන හොයන්න තේරීම් කාරක සභාවක්
නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම කන්ටේනර 323ක සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රශ්න ගැටලු රැසක් පැන නැගි ඇති අතර එබැවින් ඒ ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට කර ඇත.