නාමල්ගේ නීතීඥභාවය ගැන සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් ඇමති නලින්ද ජයතිස්ස මහතා අද විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
ඒ අනුව එලෙස සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද
සංවිධානාත්මකව සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි විසින් පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
21 වැනිදා පැවැත්වෙන රැළිය ඉලක්ක කර ගනිමින් මෙම මඩ ප්‍රචාරය දියත් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාද 21 වෙනිදට සියල්ල දැනගන්න පුලුවන් බව සඳහන් කරයි.