ගුරු පුරප්පාඩු 290ක් මෙන්න

Report

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා පවසන්නේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමේ ගුරුවරුන් ඇතුළු කලාපයේ පාසල් සඳහා ගුරුවරුන් 290 කට වැඩි පිරිසකගේ පුරප්පාඩු පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ විශේෂයෙන් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ඉගැන්වීම් සිදු කරන විශේෂ පුහුණුව ලද ප්‍රාථමික ගුරුවරුන් සහ 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ ශ්‍රේණි දක්වා මෙම ගුරු පුරප්පාඩුව පවතින බවයි.

දහස් ගාණක් රාජ්‍ය සේවයට බදවාගැනීම් - අද පාර්ලිමේන්තු ප්‍රකාශය

දහස් ගාණක් රාජ්‍ය සේවයට බදවාගැනීම් - අද පාර්ලිමේන්තු ප්‍රකාශය

එමෙන්ම මෙම ගුරු පුරප්පාඩුව හේතුවෙන් 2026 වසරේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලටද ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයිද වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් මඟින් එම ඉගැන්වීම් කටයුතු ආවරණය කිරීම සිදු කරන බව පවසන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කලාපයේ පාසල්වල පුහුණු ගුරුවරුන්ගේ පුරප්පාඩු විශාල ලෙස පැවතීම ගැටලුකාරී තත්ත්වයක් වී ඇතැයි වාර්තා වේ.

අස්වැසුම ඉල්ලුවත් ලැබුනේ නැද්ද? ප්‍රශ්ණේ ඉවරයි සුදුසුකම් ඇති අයට අස්වැසුම මෙන්න

අස්වැසුම ඉල්ලුවත් ලැබුනේ නැද්ද? ප්‍රශ්ණේ ඉවරයි සුදුසුකම් ඇති අයට අස්වැසුම මෙන්න