කකා හිටපු ෆ්‍රයිඩ් රයිස් එකේ පණුවෝ මේ ජරාවද මිනිස්සු කන්නේ
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අවන්හලකින් මඩකලපුවේ පිරිසක් විසින් මිලදී ගත් ෆ්‍රයිඩ් රයිස් දිවා ආහාර වේලෙහි පණුවෙකු හමු වී ඇත. මෙම සිදුවීම අද (19) බදාදා සිදු වූ බව වාර්තා වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මඩකලපුව දක්වා ගමන් කරමින් සිටි කණ්ඩායමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මිලදී ගත් ආහාරවල පණුවන් සිටින බව සොයා ගන්නා ලදී. මෙයින් පසුව, ඔවුන්ට පිරිනමන ලද ෆ්‍රයිඩ් රයිස් පණුවන්ගෙන් පිරී ඇති බව අවන්හලේ හිමිකරුට දන්වන ලදී.
මොවුන් මේ පිලිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ද පැමිණිල්ලක් කර ඇත. අදාළ අවන්හල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති බැවින්, මහජනතාව විශාල වශයෙන් ආහාර සඳහා අවන්හල භාවිතා කිරීම සැලකිය යුතු කරුණකි.