ඔබත් නොදැනම සිදු වන ගෑස් කාන්දු හඳුනා ගැනීමට නවතම ක්‍රමය මෙන්න (VIDEO)
ඉකුත් දින කිහිපයේදීම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් කාන්දුවීම නිසා සිදුවූ පිපිරීම් වාර්තාවී තිබුණි. යම් ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් එය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සිදුවිය හැකි එවැනි බරපතළ අනතුරු වළක්වා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ගෑස් කාන්දුවක් සිදුවන්නේ දැයි හඳුනාගැනීම සඳහා දේශීය වශයෙන් නිපදවූ උපකරණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.
ගෑස් කාන්දුවීම් කල්තියා හඳුනාගත හැකි උපකරණ ලොව වෙනත් රටවල සාමාන්‍යයෙන් භාවිත වුණත් මෙරට ජනතාවට තවමත් එවැනි උපකරණ එතරම් සමීප නොමැත. ලයිෆ් ලෙස නම්කර ඇති මෙම උපකරණය මෙරටදී නිපදවා ඇති ගෑස් කාන්දු හඳුනාගැනීමේ පළමු උපකරණයයි.
එපික් සමූහ ව්‍යාපාරයේ පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ ව්‍යාපෘති භාර ප්‍රධාන ඉංජිනේරු චානක තෙන්නකෝන් මහතා, "ගෑස් කාන්දු හඳුනාගැනීමේ උපකරණයක් වුණාට මේක ගිනිගන්නා සුළු ඕනෑම දේකට ක්‍රියාත්මක වෙනවා. මේක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කළ හැකියි. ඒ නිසා අනතුරක් තිබුණොත් ජංගම දුරකථනයට ඇලට් එකක් එනවා.
ගෑස්, උෂ්ණත්වය සහ දුම කියන කාරණා 3ටම සංවේදියි." එපික් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා, "මේක ලංකාව තුළ හැදුවා කියලා සමහර අය විශ්වාස කරන්නෙත් නෑ. ලංකාවේ මොළ එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |