පාසල් ආරම්භයට පෙර මවුපියන්ට විශේෂ පණිවිඩයක්..?

covid19 school face mask Susi H Perera
By Sewvandhi Oct 07, 2021 09:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් දරුවන්ට මුව ආවරණ පැලඳීම අනිවාර්යය කර ඇති බව මහජන සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී එච් පෙරේරා මහත්මිය සඳහන් කරනවා.

පාසල් ආරම්භ කිරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳ මවුපියන්ට දැනුම්දීමක් කරමින් ඇය මේ බව සඳහන් කළා. නිවෙස් තුළ ගත කරන මේ කාලය තුළ දරුවන්ට මුව ආවරණය පැළඳීම, එය ඉවත් කිරීම හා එය පැළඳ සිටීම පිළිබඳ පුරුද්දක් ඇති කරවීමට දෙමවුපියන් කටයුතු කරන්නේ නම් අතිශයින්ම වැදගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසුව පසුගිය වර සති කීපයක් පාසල් විවෘත කළ අවස්ථාවේදී පාසලට පැමිණි දරුවන් මුව ආවරණය පැළඳ සිටීමට එතරම් කැමැත්තක් නොදැක්වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පවසනවා.

මේ හේතුවෙන් මුව ආවරණය පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳ පූර්ව අවබෝධයක් දරුවන්ට ලබා දෙන ලෙසද මවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

----------------------------------------------------------------

You may like this video

දේවස්ථානයක් සහ පිරිසක් අතර විශාල අර්බුදයක් -:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now