සම්මාන පිට සම්මාන ලබමින් ලොවක්ම දිනු අපේ රටේ පුංචි රූපලාවන්‍ය ශිල්පිනිය..(PHOTOS)
By Sewvandhi
මෙනුගි මනුල්‍යා ශ්‍රී ලංකාවේ ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනිය ලෙස මේ වන විට ලෝකයම හඳුනා ගෙන සිටිනවා. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබනවා.
ඇය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණියක් වන ඉන්දුමාලා රාජපක්ෂ මහත්මියගේ දියණියද වනවා. මනාලියන් හැඩගැන්වීමට, නර්තනයට, ක්‍රීඩාවට ඇය දක්වන දස්කම් අපූරු ය.
පුංචි කාලයේදී ම අම්මාගේ අඩිපාරේම ඇවිත් ප්‍රවීණ මට්ටමට දක්ෂතා පෙන්වන පුංචි සුරංගනාවී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ වයස අවුරුදු 8 දීය.
මේ වනවිට මනාලියන් 25 දෙනෙකු පමණ තම දෑතින් ම හැඩ කරන්නට ඇය සමත් විය. කෙනෙකු තම දෑතින්ම ලස්සන කරනා මහිම හරි අපූරුය. උනන්දුව, දක්ෂතාවය තියෙනවා නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ලොවටම පසක් කල මෙනුගි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




