බෝරා එකෙන් රට ගොඩ දාන්න හදන ආණ්ඩුව – දැන් මෙන්න අලුත්ම ක්‍රමය

Economy of Sri Lanka Latest Headlines Sinhala news NPP Government SriLanka News - Gagana
By Shehan Jun 12, 2025 03:38 PM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහ සහාය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම උපදෙස් ජනාධිපති කාර්යාලයේදී ජුනි 12 වන දින පැවති විශේෂ සාකච්ඡාවකදී ලබාදෙන ලදී. මෙම උත්සවය, බෝරා ප්‍රජාවේ ගෝලීය අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් ජූනි 27 සිට ජූලි 5 දක්වා බම්බලපිටියේ බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (BMICH) කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

බෝරා ප්‍රජාවට ඉතා වැදගත් වන මෙම ආගමික හා සංස්කෘතික සිදුවීම, ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ උරුමය ලොවට ඉස්මතු කිරීමට අවස්ථාවක් වනු ඇත. මෙම සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයින් 15,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

ඔවුන්ගේ ගමන් පහසුකම්, ආරක්ෂාව, නවාතැන්, ප්‍රවාහනය, සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, සංචාරක මණ්ඩලය, සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් කටයුතු සැලසුම් කර ඇත. මෙම සමුළුවේ සාර්ථකත්වය තහවුරු කිරීම සඳහා රජයේ ආයතන සහ බෝරා ප්‍රගාවේ නියෝජිතයින් එක්ව සමීපව කටයුතු කිරීමට තීරණය කර ඇත.

බේකරි නිෂ්පාදන මිල ගැනත් තීරණයක්

බේකරි නිෂ්පාදන මිල ගැනත් තීරණයක්

සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, බෝරා ප්‍රජාවේ ආගමික නායකයින්, සහ අදාළ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. සාකච්ඡාවේදී, ආගමන හා විගමන ක්‍රියාවලිය, ආරක්ෂක පියවර, සහ සත්කාරක සේවාවන් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේ, මෙම ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය, සංස්කෘතික විවිධත්වය, සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලොවට පෙන්වීමට අවස්ථාවක් බවයි.

ගුවන් යානය කඩා වැටුණ වෛද්‍ය විද්‍යාලයත් විනාශයි-වෛද්‍ය සිසුන්ගේ ජිවිතත් අහිමි වේ (PHOTO)

ගුවන් යානය කඩා වැටුණ වෛද්‍ය විද්‍යාලයත් විනාශයි-වෛද්‍ය සිසුන්ගේ ජිවිතත් අහිමි වේ (PHOTO)

“මෙම උත්සවය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ධනාත්මක බලපෑමක් එල්ල කරනවා පමණක් නොව, රටේ ආර්ථික හා සමාජීය ප්‍රගතියට ද දායක වනවා. එබැවින්, සියලු රාජ්‍ය ආයතන එක්ව මෙම සමුළුව සාර්ථක කිරීමට කැපවිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය. මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ ආගමික හා සංස්කෘතික උරුමය ඉස්මතු කිරීමටත්, ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් අවස්ථාවක් වන අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආගමික හා සංස්කෘතික උත්සව සඳහා සත්කාරකත්වය සැපයීමට හැකි ගමනාන්තයක් ලෙස තහවුරු කිරීමට ද හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ReeCha