තියුනු කඩු ලේ පැල්ලම් සමග හමු වෙයි..08 දෙනෙකු කැපූ බවට සැක..අලුත් කල්ලිය කවු ද?

Police Jaffna STF Vepern
By Aruna Jul 05, 2021 02:01 AM GMT
Report

යාපනය චුන්නාකම් පොලිස් වසමේ තාවඩි තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ තියුනු කඩු 04 ක් සොයාගත් බවට චුන්නාකම් පොලීසිය පවසයි.

තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල පොහොර බෑගයක ඔතා දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ බව පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලීසිය විසින් අදාල කඩු රැගෙන යාමට කටයුතු කරන ලදි.

අදාල කඩු පසුගියදා කොණ්ඩාවිල් සෙල්වපුරම්හි ස්ටුඩියෝවක සිටි 08 දෙනෙකුට කැපුම් තුවාල සිදු කරමින් පහරදුන් කඩු බවට සැකපල වී ඇති අතර එම සොයාගත් කඩුවල ඒ වන විටත් ලේ පැල්ලම්ද තිබූ බවට පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් හො පොලිස් විශේෂ කර්ය බලකා කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාල අයුධ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් අදාල කල්ලි විසින් මෙලෙස කඩු සඟවා සැඟව සිටීමට උත්සහ දරන බවටද පොලීසිය වැඩි දුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now