මුඛ ආවරණය ගැන විමසූ පුද්ගලයාව උස්සා පොළොවේ ගසයි (CCTV VIDEO)

shed kalubovila hospital mee goda aluth pra padukka hospital
By Sewvandhi Oct 06, 2021 10:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මීගොඩ අලුත් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අද (06) අලුයම එම සිද්ධිය වාර්තා වී තිබේ.

අදාළ පුද්ගලයා මුඛ ආවරණයක් නොපැලඳ ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී ඔහුට මුඛ ආවරණයක් පැලඳගන්නා ලෙස ඉන්ධන හල් සේවකයා පවසා ඇත. ඊට උරණ වූ අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ ඉන්ධන හල් සේවකයාව උස්සා පොළොවේ ගසා ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉන්ධන පිරවුම් හලේ සවිකර තිබූ CCTV කැමරාවල එම ප්‍රහාරය සටහන් වී තිබුණි. පහර කෑමට ලක්වූ ඉන්ධන පිරවුම්හල් සේවකයා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇත.

මීගොඩ පොලීසිය පවසන්නේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බැවින් මහජනතාව එම වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයින් දෙදෙනා හඳුනන්නේ නම් පොලීසියට දැනුම්දෙන ලෙසය.

මීගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට 0718 592 179 යන අංකයෙන් දැනුම්දිය හැකි බවද මීගොඩ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now