අර්බුදයෙන් හෙම්බත් වී සිටින ලංකාවටම අද සුබම සුබ ආරංචියක් - හේතුව මෙන්න..

Report

අමෙරිකානු ඩොලර් 15,500 ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාරදීම කොළඹ වරායේ දී සිදුකර ඇත.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත එම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් මෙරටට රැගෙනවිත් තිබුණි.

ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය අගය කරන අතර සෑම අසීරු මොහොතකම අසල්වැසි රට ලෙස ඉන්දියාව ලබාදෙන අනුග්‍රහයට ස්තූතිය පළකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join