අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය හේතුවෙන් උපදෙස් මාලාවක්

Report

පවතින අධික උෂ්ණත්වය හමුවේ මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී, ප්‍රථමාධාර සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය අවධාරණය කරයි.

එම ආයතනයේ වෛද්‍ය ධම්මික සේනානායක මහතා පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම අධික හිරු රශ්මිය පවතින වේලාවන්හිදී පවත්වනු ලබන ගම හරහා දිවීම සහ බයිසිකල් තරග වැනි ක්‍රීඩා ඉසව්වලදී තරගකරුවන් විවිධ සෞඛ්‍ය සංකූලතාවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බවයි.

එබැවින් සංවිධායකයින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, තරගකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් කල්තියා සූදානම් කරගැනීම අතිශය වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුද්දේ වතුර කප්පාදුව ගැන දැනුම්දීමක්

සිංහල අලුත් අවුරුද්දේ වතුර කප්පාදුව ගැන දැනුම්දීමක්

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ධම්මික සේනානායක මහතා,

"අපි ඕනම කෙනෙක් අන්තර්ජාලයෙන් බැලුවාම අපිට ලංකාවේ තිබෙන උෂ්ණත්වය දැනගන්න පුළුවන්. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වඩා වැඩියි. මතක තබා ගන්න ලංකාව උෂ්ණත්වය වැඩි රටක් වගේම ආර්ද්‍රතාවයෙන් වැඩි රටක්. මේ තුළින් අපේ ශරීරයට ඇතිවෙන්න පුළුවන් සංකූලතා එහෙමත් නැත්නම් අපි අව්ව වෙලේ එළිමහනේ ක්‍රීඩා කළාම, තරග පැවැත්වුම ඇතිවෙන්න පුළුවන් සංකූලතා වැඩියි.

ඒ වගේම Heat Index එකක් තියෙනවා ඒක 27- 32 අතර වගේ තියද්දි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මේක 32-41 අතර කියන්නේ අපි අධික ලෙස ප්‍රවේශම් වෙන්න ඕනේ. 41ට වැඩි වුණොත් නම් ශරීරයට එළිමහනේ කරන ක්‍රියාකාරකම් භයානක වෙන්න පුළුවන්.

ඒ නිසා මේ යතාර්ථය තේරුම් අරගෙන ඔබ සංවිධානය කරන තරගාවලි සංවිධානය කරන්න. ඒ වගේම මේ තරගාවලි සංවිධානය කරද්දි ජනතාව උෂ්ණත්වයට මුහුණදීම හැකිතාක් අවම කරගන්න ඔබ විශාල පිරිසක් සහභාගී වන අවුරුදු උත්සවයක් සංවිධානය කරනවානම් මේ සඳහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්ය වෙනවා ප්‍රදේශයේ ඒ රෝහල දැනුවත් කරලා ඒ වෛද්‍ය සේවා ලබා දෙන්න මේක ඉතාමත් වැදගත්.

ඒ අවගේම අපි දන්නවා අපේ අවුරුදු උත්සවවල තිබෙනව ගමහරහා දිවීම සහ මැරතන් තරග මේවගේදීත් සංකූලතා ඇතිවෙන්න පුළුවන් අධික අව් රෂ්මිය පැවැත්වෙන අවස්ථාවලදි තරග පැවැත්වීමෙන් ඒ නිසා ඒ නිසා ඔබ කළින් ආරම්භ කරලා මේ තරග අවසන් කරන්න ඒවගේම බයිසිකල් තරගවලදිත් මේ සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ බයිසිකල් තරගත් හැකි ඉක්මනින් අවසන් කරන්න."

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න