ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක් දිනා ගනියි
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය බැබළවීමට සමත් වූ තරුණ ක්‍රීඩක තරුෂ මෙන්ඩිස් ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.
ආසියාවේ දක්ෂතම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම ප්‍රබල තරගාවලියේදී මෙරටට මෙම අභිමානවත් ජයග්‍රහණය හිමිකර දීමට තරුෂ මෙන්ඩිස් දැක්වූ සුවිශේෂී දස්කම් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් ඇගයීමට ලක්ව ඇත.
තරගාවලියේ පැවැති පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් මෙම ජයග්‍රහණය ලබාගත් තරුෂ, එහිදී මීටර් 2.14 ක සුවිශේෂී උසක් සාර්ථකව පසුකරමින් මෙම රිදී පදක්කම තමන් සතු කරගත්තේය.
ඔහුගේ මෙම දක්ෂතාවයත් සමඟ ඉදිරි ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි රැසකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දිය හැකි ඉහළ දක්ෂතාවලින් යුත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙකු ලෙස තරුෂ මෙන්ඩිස් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ද ලක්ව තිබේ.