නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද නියෝගයත් සමඟිනි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 102ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් මිල 8%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් බැරලයක මිල ඩොලර් 104.50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් දේශපාලන වාතාවරණය සහ සැපයුම් මාර්ග අවහිර වීමේ අවදානම හේතුවෙන් ඉදිරි දිනවලදී ද ලෝක තෙල් මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.