මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 7,000 දක්වා ඉහළට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 7,000 දක්වා ඉහළ නැග ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. එහි අලාභය වාර්ෂිකව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු, දත්ත මධ්‍යස්ථාන, ආහාර හා භෝජනාගාර සේවා මෙන්ම ගුවන් යානා සේවා ජාත්‍යන්තර සමාගම් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබේ.
මෙච්චර කාලයක් තිබ්බ ශ්‍රී ලංකා පොලිසියේ කාකි නිල ඇඳුම වෙනස් වෙයි - අලුත් නිල ඇඳුම මේකද? රටම නොඉවසිල්ලෙන්
ඒ අනුව තෝරාගත් සමාගම් 17ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට කටයුතු කරමින් පවතින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, අදාළ ව්‍යාපෘති සඳහා සුදුසු ආයෝජකයන් ලබන වසරේදී තෝරා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2013 වසරේදී අමෙරිකානු ඩොලර් කෝටි 19ක වියදමින් ඉදිකරනු ලැබීය.