සුපිරි රථයෙන් පැමිණි මාතර තරුණියක් වාහනේ වීදුරුව ඇරල ඇඟම එළියට දාල කරපු වැඩේ මෙන්න..විශාල පිරිසක් බලන් ඉදල.(PHOTOS)

Water Young girl Mathara Oil station
By Aruna Mar 02, 2022 03:04 AM GMT
Aruna

Aruna

Report
125 Shares

කවුද කියලා නමක් ගමක් දන්නේ නෑ....ඒත් අපට මේ සිදුවීම වාර්තා වෙන්නෙ මාතර ප්‍රදේශයෙන්.

ඩීසල් එන තෙක් මාතර නගරයේ ඉන්ධන පිරවුම් හල් අසල රැදී සිටි රථ වාහන රියදුරන්ට ඊයේ (01) සවස ජිප් රථයකින් පැමිණි තරුණියක පානීය ජල බෝතල් බෙදා දෙන අයුරු දැක ගන්නට හැකි වුණා.

විශේෂයෙන්ම පැය ගණන දිගු පෝලිම් වල රැදී සිටි රියදුරන්ට එය විශාල අස්වැසිල්ලක් වූ බවටයි වාර්තා වන්නේ.

බස් රථ,ට්‍රක් රථ,ලොරි,වෑන්,කාර්,ත්‍රී රෝද රථ ආදී සෑම වාහනයකම රියදුරන් එම ජල බෝතල් භාර ගත් අතර ඇතැම් රියදුරන් පිං දෙන අයුරුද දැක ගන්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර ඩීසල් ලබා ගැනීමේ අරමුණින් මාතර නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් කිලෝ මීටරයකට වඩා දුරට විහිදී තිබුණා.

මේ නිසා ප්‍රධාන මාර්ගය අයිනේ කඩ සාප්පු වලට පැමිණෙන පාරිභෝගික ජනතාවට තම රථ වාහන නතර කර ගැනීමට ඉඩ කඩ නොමැති වීම නිසා එම වෙලදසැල් වලට ද විශාල පාඩුවක් සිදු විය.

මීට අමතරව රථ වාහන පෝලිම් නිසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවැති බවටයි වාර්තා වන්නේ.

එම තරුණිය විසින් සිදුකළ සත්ක්‍රියාවේ ඡායාරූප පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery