ලයිටර් හින්දා ගිනිපෙට්ටි නැති වෙයි ද?

Report

විදේශීය නිෂ්පාදිත ප්ලාස්ටික් ගෑස් ලයිටර් විශාල පරිමාණයෙන් ශ්‍රී ලංකාවට ආනයනය වීමෙන් ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාප්ට් මහතා පවසයි.

කුණ්ඩසාල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම ගෑස් ලයිටර් ආනයනය හේතුවෙන් ගිනිපෙට්ටි නිෂ්පාදනය 80% සිට 70% දක්වා පහළ ගොස් ඇති බවයි. දිනකට ලක්ෂයකට අධික ප්ලාස්ටික් ගෑස් ලයිටර් පරිසරයට විසිවීමත් සමඟ විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, පෙර එක් ලයිටරයකට රු. 50 ක බද්දක් පනවා තිබුණද පසුගිය ආණ්ඩු සමයේදී එම බද්ද රු. 1.50 දක්වා අඩු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉස්සරහට ගිනි පෙට්ටි වෙළඳපළේ නැහැ - මෙන්න හේතුව

ඉස්සරහට ගිනි පෙට්ටි වෙළඳපළේ නැහැ - මෙන්න හේතුව

රාප්ට් මහතා වැඩිදුරටත් කියා සිටියේ, තම ගිනිපෙට්ටි නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහතික සහිතව හා නියමිත බදු ගෙවා වෙළඳපොලට ගෙන එන නියමිත කර්මාන්තයක් වන අතර, ගෑස් ලයිටර් සඳහා එවැනි ප්‍රමිති සහතික හෝ බදු ගෙවීමක් නොවන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා වැසී යාමටත්, එහි යෙදෙන ලක්ෂ ගණනක සේවකයන්ගේ රැකියා අහිමි වීමටත් ඉඩ ඇති බව ඔහු අවධාරණය කළාය. එසේම රජය මෙම තත්ත්වය තේරුම් ගෙන කර්මාන්තය ආරක්ෂා කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සාතීර් අලි, භාණ්ඩාගාරික මොහොමඩ් උම්මාන් ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගි විය.

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ