අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට වික්‍රමාරච්චි සිසුන්ගේ දැවැන්ත විරෝධයක්

Report

අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) දැවැන්ත විරෝධතාවක නිරත වුණා.

සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලයේ පවත්නා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ වාර්තාව 2025 ජූලි මස 02 වැනිදා අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ බවයි.

WhatsApp නවත්වෙනවාද? පරිශීලකයින්ට බලපෑමක්

WhatsApp නවත්වෙනවාද? පරිශීලකයින්ට බලපෑමක්

කෙසේ වෙතත්, එම වාර්තාව ඉදිරිපත් කර මාස කිහිපයක් ගතවී ඇතත් මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවට සිසුන් චෝදනා කරනවා.

කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ දෛනික අධ්‍යයන කටයුතු මෙන්ම ශිෂ්‍ය සුභසාධනය ද බරපතල ලෙස කඩාවැටී ඇති බවයි එම ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා–ඉන්දුනීසියා සබඳතාට නව පියවරක්

ශ්‍රී ලංකා–ඉන්දුනීසියා සබඳතාට නව පියවරක්