ශ්‍රී ලංකා–ඉන්දුනීසියා සබඳතාට නව පියවරක්

Report

ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ව හමුවෙයි. ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) කොළඹදී පැවැත්වුණා.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ඒ ආශ්‍රිත නව අවස්ථා උදාකර ගැනීමටත් මෙහිදී අවධානය යොමු වුණා. දෙරටේ අදාළ ආයතන අතර අනාගතයේදී වඩාත් ක්‍රියාකාරී සහයෝගීතාවයක් ගොඩනැගීමට ද දෙපාර්ශවය එකඟතාව පළ කර තිබෙනවා.

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

ඉන්දුනීසියානු තානාපතිනිය වූ H.E. Dewi Gustina Tobing මැතිනිය සහ ඉන්දුනීසියානු දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා හා මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ, මහේෂ් ප්‍රේමතිලක මහතා ද ඊට සහභාගී වී සිටියා.

මෙම හමුව හරහා ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික විශ්වාසය තවදුරටත් තහවුරු වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

පවතින බලශක්ති අර්බුදය මැද ජාතික ජන බලවේගයේ මැයි රැළිය ගැන තීරණයක්

පවතින බලශක්ති අර්බුදය මැද ජාතික ජන බලවේගයේ මැයි රැළිය ගැන තීරණයක්