"ගොඩක් අය හිතන්නෙ මම තාම තනිකඩයි කියලා" - හැමෝම ආදරේ කරපු මුතූ මෙහෙම හිටියට ළමයි දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. (PHOTOS)

Sri Lankan Actress SL Actress Gossips
By Wayomi Mar 03, 2024 12:11 PM GMT
Wayomi

Wayomi

Report

අවුරුදු 17ට පෙර නෙරංජනා නාට්‍යයට ශ්‍රියානි වූ ඇය රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ නිළියක් වීමේ ආසාව හිතේ තිබ්බ නිසාම නෙමෙයි අහම්බයකින්. අහම්බයෙන් ඇරඹුණු රංගන ජීවිතේ ගැනත් ඈ ගැනත් කතා කරන්න ශශිකා පීරිස් මේ විදිහට රසඳුන එක්ක එක් වුණා . දරුවෝ දෙදෙනෙකුට අම්මා කෙනෙක් වුවත් බොහෝ දෙනෙකු විවාහ වී නැතැයි සිතා ආදරයට ඇරයුම් ලබන ඇය ගැනයි මේ කතාබහ.

🟢අවුරුදු දෙකකට පස්සෙ විවේකයකින් ආයෙමත් දකින්න ලැබෙනවා..?

සිකුරු ඇවිත් නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණු ආරාධනාව මම භාර ගත්තේ අවුරුදු දෙකක විතර බ්‍රේක් එකකින් පස්සෙ තමයි. ඒ චරිතය හරි වෙනස්. සල්ලිකාර වයසක කෙනෙක් බඳින්නේ. එයාට ලොකු පුතෙකුත් ඉන්නවා. ඒකට හොද ප්‍රතිචාර ලැබෙනවා


🟢මොකද රංගනයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වුණු නිසාද ..?

නැහැ. මම නාළිකාවක නිවේදිකාවක් විදිහට පූර්ණ කාලීනව වැඩ කළා. ඒ නිසා රංගනයෙන් ටිකක් ඈත් වුණා. ඒ වගේම මගේ හයිය මට පෙන්නලා දුන්නු මම වැටෙන වැටෙන ගානේ මාව නැගිට්ටලා මාව හිත හයිය ගැහැනියක් කළ මගේ අම්මා අසනීප වුණා. එයා තමයි මගේ ජීවිතේ වුණේ. තාත්තා නැතුව මාවත් මල්ලිවත් හදලා මේ තැනට මාව අරන් ආවේ මගේ අම්මා. එයත් මම වගේම ජීවිතේ ගෙනියන්න ජීවිතේ එක්ක පොර බදපු කාන්තාවක්. එයාව බලා ගන්නත් ඕන නිසා ටිකක් නිර්මාණවලින් ඈත් වුණා. මාස තුනකට කලින් මගේ අම්මා ජීවිතේට සමු දුන්නා. නමුත් එයා දුන්නු හයිය අරන් මම ජීවත් වෙනවා. එයා නැතුව එයාගේ මතක එක්ක. ඒ අවුරුදු දෙක ඇතුළත නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ ලැබුණු මේ ආරාධනාව භාර ගත්තා.


🟢අවුරුදු 17ක් විතර කලාව එක්ක සම්බන්ධ වුණත් ශශිකා පීරිස් කියන නමින් හඳුනන්නෙ අතළොස්සක් කිව්වොත් ?

ඒක ඇත්ත. මාව බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ රූපයෙන් හා කරපු චරිත නම් වලින්. මම මුලින්ම රඟපෑවා නෙරංජනා නාට්‍යයේ ශ්‍රියානිගේ චරිතය. ඒ කාලේ හරි ජනප්‍රියයි. එහි චරිතයට ආදරේ කරපු අය හිටියා. ඊට පස්සේ මම කරපු හැම චරිතයක් වගේම ජනප්‍රිය වුණත් මලී නාට්‍යයේ මුතූ චරිතය තමයි මාව බොහෝ දෙනෙක් අතරට ගෙන ගියේ. ඒකට හේතුව සතියේ දවස් පහේම අවුරුදු 11ක් විතර දකින්න ලැබුණු නිසා වෙන්න ඇති. තවමත් ඒ නමින් කතා කරන අය ඉන්නවා.


🟢බොහෝ දෙනෙක් කියනවා වගේ ඔබත් නිළියක් වෙන්නේ අහම්බෙන් ?

ඔව්. මම අහම්බෙන් නිළියක් වුණේ. අනුර චන්ද්‍රසිරි මහත්තයා හා ඔහුගේ බිරිඳ චින්තනි මහත්මිය නිසා තමයි රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. අනුර අන්කල් අපේ පවුලේ හිතවතෙක්. ඔහු තමයි කිව්වේ රඟපාන්න අවස්ථාවක් අරන් බලන්න කියලා. ඒ විදිහට තමයි නෙරංජනා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.


🟢ශශිකා කියන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒත් බොහෝ දෙනෙක් හිතන්නේ තනිකඩයි කියලා?

මට ඉන්නේ පුතාලම දෙන්නෙක්. ලොකු පුතා ශැම් පීටර්. එයාගේ වයස 13යි. පොඩි පුතාගේ වයස 7යි. එයා ශැඩ් පීටර්. මෙච්චර ලොකු දරුවෝ හිටියත් බොහෝ දෙනෙක් හිතන්නේ මම තවම තනිකඩයි කියලා. මම අම්මගේ වගකීම් එක්ක තමයි රංගනයට සම්බන්ධ වෙන්නේ. ඒ වගකීම් ඉටු කරන්න බබාලගේ තාත්තා ගොඩක් උදව් කරනවා. ෂුටිං යද්දී බබාලව තියලා ගියොත් එයා තමයි බලන්නෙ. ඒත් තනිකඩයි කියලා තමයි හිතන්නේ.


🟢එහෙම හිතලා ආදරේට විවාහයට යෝජනා එහෙමත් එනවා ඇති?

මම දරුවෝ එක්ක හිටියම සමහර අය පුදුම වෙනවා. දන්නෙ නැතුව ඔය කියන හැම යෝජනාවක්ම ඇවිල්ලත් තියෙනවා. නිළියක් වුණත් මම අම්මා කෙනෙක්. හරිම කරුණාවෙන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරනවා. කරදර කරපු එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා තියෙනවා. සමහරු කොහෙන් ඇඩ්‍රස් හොයාගෙන ද දන්නෙ නැහැ නිර්නාමිකව ගෙදරට තෑගි එවනවා. ෆේස්බුක් මැසේජ් එවනවා. කෝල් කරනවා. එහෙම ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් මම ඉවසීමෙන් ඒවා දරාගන්නවා මොනවා වුණත් අපිට ආදරේ කරන රසිකයින් නේද කියලා හිතලා.


🟢ශශිකා කියන්නේ විවිධ විලාසිතා කරන කෙනෙක්?

ඔව්. ලස්සනට කැමති විදිහට විලාසිතා කරන්න හැමදාම බැහැ. ඒ කාලේ එනකල් මම කැමති විදිහට ලස්සනට අඳිනවා. ඒ වයස පැන්නට පස්සේ වයසට ගැළපෙන විදිහට විලාසිතා කරනවා.


🟢විලාසිතා හිතේ හැටියට කරන නිසා කටකතා එහෙමත් හැදිලා ඇති?

මට මුහුණට කවුරුත් මොකුත් කියලා නැහැ. ඒ නිසා කට කතා හැදිලා නැහැ කියලා තමයි මම හිතන්නේ. හැදුණත් මම ඒවා හිතන්නේ නැහැ. මොකද මම කවුද කියලා ළඟින් ආශ්‍රය කරන අය මාව දන්න නිසා. අනිත් එක ඇඳුමෙන් හා බාහිර පෙනුමෙන් ජීවිතේ මනින්න බැහැ කියලයි මම හිතන්නේ


🟢බොහෝ ජනප්‍රිය තරු පාරේ තොටේදී බොහෝ දෙනෙක් හඳුන ගන්නේ මේකප් එකෙන් විතරයි. ඔබව හඳුනාගෙන කතා කරන්නේ මේකප් ඇතුවද නැතුවද?

රූගත කිරීම් හෝ උත්සව අවස්ථාවල විතරයි මම මේකප් කරන්නේ. සාමාන්‍ය ගමන් බිමන් යද්දී ලිප්ස්ටික් විතරයි භාවිතා කරන්නේ. මේකප් නොදැම්මත් මාව හඳුනා ගන්න පුළුවන්. වෙනසක් නැහැ


🟢ඔබ මවකගේ චරිත රඟපාද්දි දරුවන්ගේ ප්‍රතිචාර කොහොමද කියලත් මතක් කරමු ..?

මාත් එක්ක වාඩි වෙලා එයාලත් නාට්‍ය බලනවා. ඒ වෙලාවට චරිත දිහා බලලා මා දිහාත් බලලා හිනා වෙනවා. ඒත් කවදාවත් ඊර්ෂ්‍යා කරලා නැහැ. එපා වෙන අයට අම්මා වෙන්න කියලා නැහැ. ආසාවෙන් බලනවා.

- උපුටා ගැනීමකි -හර්ෂණී වීරරත්න


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery