කැබ් රථයක් තුළ හමු වූ පිළිස්සුණු පුද්ගලයා සියදිවිනසා ගැනීමක්ද? මිනිමරුමක්ද..? තොරතුරු රැසක් අනාවරණය වේ..

Sri Lanka Police Sri Lanka Fire Crime Latest Headlines
By Piyumika Dec 26, 2024 04:33 PM GMT
Piyumika

Piyumika

Report

හබරණ ප්‍රදේශයේදී කැබ් රථයක් තුළ පිලිස්සී මියගිය පුද්ගලයා වයස අවුරුදු 64 වන ගම්පහ -දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබෙනවා.

අද පස්වරුවේ අදාල ස්ථානීය පරීක්ෂණයට පැමිණි හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ පිලිස්සී තිබූ සිරුරේ කොටස් පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කර රජයේ රස පරීක්ෂකවරයා කැදවා වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

එමෙන්ම මියගිය පුද්ගලයාගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.පිලිස්සී මිය ගිය මෙම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් අදාල ස්ථානයට පැමිණ කැබ් රථය සහ හමු වූ භාණ්ඩ මොහුගේ බවට හදුනා ගෙන තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් පිරිසකට හදිසියේ මාරුවීම් ..මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ගැන අනාවරණයක්..

රාජ්‍ය නිලධාරීන් පිරිසකට හදිසියේ මාරුවීම් ..මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ගැන අනාවරණයක්..

හබරණ- පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය තුරු සෙවන ප්‍රදේශයේ දී කැබ් රථයක පිටුපස අසුනේ තිබී මෙම පිලිස්සී මිය ගිය සිරුර සොයාගනු ලැබුවේ අද උදෑසනයි.

පොලිසිය කියා සිටියේ පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊයේ රාත්‍රියේ මෙලෙස ගිනි ගෙන තිබූ බවයි.

මියගිය පුද්ගලයාගේ බවට සැකකරන ගමන් මල්ලක්ද කැබ් රථය ආසන්නයේ තිබී සොයා ගත් අතර එම ගමන් මල්ල කමිබි පොටකින් කැබ් රථයේ පිටිපස කොටසේ ගැට ගසා තිබු බව පොලිසිය සදහන් කළා.

එම අංකවලට ඇමතීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා මාර්ග සංවර්ධන කටයුතු සඳහා තාර වර්ග මෙරටට ගෙනවිත් අලෙවිකරන මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකු බවටයි.

ඔහු මින්නේරිය ප්‍රදේශයේ යන බව නොදන්නා බවයි මෙම පුද්ගලයාගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් පොලිසිය කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ.

මෙහෙකරු සිටින තැන නොදැන ගිය නෝනා නිසා සිදුවූ විපත්තිය..

මෙහෙකරු සිටින තැන නොදැන ගිය නෝනා නිසා සිදුවූ විපත්තිය..

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයා ඊයේ රාත්‍රී 8යි 20ට පමණ සිය බිරිඳට දුරකතන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට යලිත් දුරකතන ඇමතුම් ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම තමන් ගැන සොයා බැලීමෙන් වලකින ලෙසත් ඔහු එහිදී දැනුම් දී තිබේ.

ඊයේ ඔහු සිය පුත්‍රයා සමග ද කිසියම් බහින් බස්වීමක් ඇති කරගෙන තිබෙන අතර පොලිසිය සදහන් කළේ මොහු සිය දිවි නසා ගත්තේදැයි සැකයක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙය ඝාතනයක්ද යන්න සම්බන්දයෙන්ද විමර්ශන ආරම්බ කර තිබේ.

You may like this video

ReeCha