මෙහෙකරු සිටින තැන නොදැන ගිය නෝනා නිසා සිදුවූ විපත්තිය..

By Piyumika Dec 26, 2024 03:43 PM GMT
Report

නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

ජනපතිට ජිවිත තර්ජනයක්..?කඩුවක් රැගෙන පැමිණ අයෙක් යකා නටයි..පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වි තත්වය මැඩපවත්වයි..

ජනපතිට ජිවිත තර්ජනයක්..?කඩුවක් රැගෙන පැමිණ අයෙක් යකා නටයි..පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වි තත්වය මැඩපවත්වයි..

අනතුරින් මියගොස් ඇත්තේ ,අතුරුගිරිය ඔරුවල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම් කේ ලක්ෂ්මන් නමැති වයස අවුරුදු 55 ක දෙදරුපියකි.

වසර දෙකක පමණ කාලයක සිට එම නිවසේ මේ කාර්ය සේවයේ යෙදී සිටින මියගිය මෙහෙකරු ඊයේ (25) සවස නිවසින් පිටවගොස් ගොස් යළි නිවස ඉදිරිපිටට පැමිණ ඉතා අපහසුවෙන් සිට නිවස ඉදිරිපිට රෝලර් ගේට්ටුවෙන් පිටත මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

මේ බව නොදත් නිවෙස් හිමිකාරිය අවශ්‍යතාවයක් සඳහා නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය රැගෙන රෝලර් ගේට්ටුව හරහා මෝටර් රථය පිටුපසට ගැනීමේදී නිවස ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි මෙහෙකරුගේ ශරීරය මතින් ගොස් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

You may like this video