තව කොපමණ හාල් තියෙනවද..සහල් නිෂ්පාදකයින් දැනුම්දෙයි..මිල ගැනත් කියයි..

Food Shortages Government Of Sri Lanka Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Oct 24, 2024 12:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.

ඒවා රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකර සහල් තොග ලබාදීමටද හැකියාව පවතින බවයි එහි ලේකම් ප්‍රසාද් හේරත් ප්‍රකාශ කළේ.

පොළොන්නරුවේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.