මන්දාරම් නුවර සෆාරි ජීප් රථ නියාමනයට පියවර

Report

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව විසින් දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.

 මන්දාරම් නුවරට මෑත කාලයේ සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණෙන බව වාර්තා වේ .

සෆාරි ජීප් රථ 20ක් පමණ ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස මේ වනවිට යොදවා ඇත.

 එම ජීප් රථ අදාළ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිතයින් ගෙන්වීමෙන් ඒවායේ තත්ත්වය සෑම මාස 3කට වරක් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

තවද සෆාරි ජීප් රියදුරන්ගේ කාර්යක්ෂමතාව සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීමටත් පියවර ගෙන ඇත .

පසුගියදා මෙහි පළමු වැඩසටහන හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ඒ අනුව දැඩි කඳු සහ පල්ලම් සහිත මාර්ගවල ධාවනය කරන සෆාරී ජීප් රථ නිසි ධාවන තත්ත්වයේ පවතිනවාද, ඒවායේ අලුත්වැඩියා කළ යුතු කොටස් මොනවාද යන්න පිළිබඳව මෙහිදී දැනුම්වත් කිරීම සිදු කර තිබේ .

මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනුයේ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව, මන්දාරම් නුවර පොලිසියේ රථවාන අංශය මෙන්ම මන්දාරම් නුවර සෆාරී ජීප් රථ ධාකයින්ගේ කවයයි.  

තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු