මිනිස් අස්ථි කොටස් සමඟ මතුවූ අමුතුම දේවල් මෙන්න.(PHOTOS)

Police Army Sri Lanka Ltte Muhumale management-human-bones
By Aruna Dec 12, 2021 05:03 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චිය,පලෙයි,මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක කොටස් කිහිපයක්, මිනිස් අස්ථි කොටස් කිහිපයක් හා ආයුධ කිහිපයක් ඊයේ (11) සොයාගෙන තිබෙනවා.

පලෙයි පොලිසිය පැවසූවේ, බිම් බෝම්බ ඉවත් කිරීමේ නිලධාරින් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පොලීසිය දැනුවත් කළ බවයි.

අදාළ ස්ථානය තුළ එල්.ටී.ටී.ඊ නිල ඇඳුමකට සමාන කොටසක්, මිනිස් හිස් කබලක කොටසක්,තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ආර්.පි.ජි අවියක්, ඊට යෙදිය හැකි පතරොමක්, පතුරම් රඳවන බහාලුමක් පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

පොලීසිය පැවසූවේ, සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කිරීමට නියමිත බවයි.

කැනීම් සිදු කරන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව ද පොලීසිය සඳහන් කළා.

මීට පෙර ද මුහමාලෙයි ප්‍රදේශයේ බෝම්බ ඉවත් කළ සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස්,ආරක්ෂක අංශ නිල ඇඳුම් කොටස්, ආයුධ,බිම් බෝම්බ රැසක් හමුවුණා.

යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හා යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල මුහමාලෙයි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සකස් කොට තිබු අතර, මුහමාලෙයි ප්‍රදේශයේ යුද ගැටුම් බහුලව සිදු වූ ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර, මුලතිව්, ඉරට්ටේවයික්කාල් ප්‍රදේශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ බෝම්බ තොගයක් ඊයේ (11) සොයාගත් බව මුලතිව් පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ, ගුවන් හමුදා බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී අදාළ බෝම්බ තොගය සොයාගත් බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්ඩු වර්ගයේ බෝම්බයක්, ටි 82 වර්ගයේ බෝම්බයක්, ජේ.ආර්. වර්ගයේ බෝම්බයක්, මිලිමීටර 60 මෝටාර් උණ්ඩයක් එලෙස සොයා ගැනුණා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය අදාළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, මුලතිව් පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery