සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් මාට්ටු

Report

සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු ඊයේ (10) දිනයේදී උදෑසන කාලයේදී මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස 43ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රන් මාලයක් සහ පසුම්බියක්ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී ඔහු සතුව තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණය කොට තිබේ .

තවද මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් වසම් වල සිදුකරන ලද සොරකම් සඳහා අවශ්‍යව කරන සැකකරුවෙකු බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්

එමෙන්ම සැකකරු විසින් සොරාගන්නා ලද කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන් මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබලි 04ක් අත් අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7,000ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගන්නා ලදි.

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්

මේ සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.