ධවල මන්දිරයෙන් නොබෙල් කමිටුවට චෝදනා

Report

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනියක වන මාරියා කොරීනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ධවල මන්දිරය විසින් නොබෙල් කමිටුවට දැඩි ලෙස චෝදනා කර ඇත.

එම කමිටුව "සාමයට වඩා දේශපාලනයට මුල් තැන දෙන" බවට වධවල මන්දිරය විසින් චෝදනා කර තිබේ.

ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුං (Steven Cheung) X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්  සඳහන් කර ඇත්තේ,

"නොබෙල් කමිටුව ඔප්පු කළේ ඔවුන් සාමයට වඩා දේශපාලනයට මුල් තැන දෙන බවයි. ජනාධිපති ට්‍රම්ප් සාම ගිවිසුම් ඇති කිරීම, යුද්ධ අවසන් කිරීම සහ ජීවිත බේරා ගැනීම අඛණ්ඩව කරගෙන යනු ඇත. ඔහුට මානුෂීය හදවතක් ඇති අතර, ඔහු වැනි අයෙක් කිසිදා නොසිටිනු ඇත."   යනුවෙනුයි.

පළවෙනිදා ඉඳන් ට්‍රම්ප්ගෙන් තවත් 100%ක අමතර තීරුබද්දක්

පළවෙනිදා ඉඳන් ට්‍රම්ප්ගෙන් තවත් 100%ක අමතර තීරුබද්දක්

ත්‍යාගය ප්‍රදානය කිරීමට දින දෙකකට පෙර නිවේදනය කරන ලද ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට ට්‍රම්ප් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.

එසේම විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ත්‍යාගය අහිමි වුවද, ට්‍රම්ප් විසින් මචාඩෝ අමතා ඇයට සුබ පැතූ බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බවයි.

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නොබෙල් ත්‍යාගය "විශ්වාසනීයත්වය නැති වී ඇති" බවට කළ ප්‍රකාශයක් අඩංගු වීඩියෝවක් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ නැවත පළ කරමින් ඔහුට ස්තූති කර තිබේ.