නොකියවිය යුතු දේවල් කියූ නිෂාම් කාරියප්පන්ට එරෙහිව බරපතළ චෝදනාවක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර්ට විරුද්ධව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව ආණ්ඩුව මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී කරන ලදැයි කියන ප්‍රකාශයක් ප්‍රසිද්ධ කළ බවට නිෂාම් කාරියප්පර් මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනාවක් එල්ල කර ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ විජිත හේරත්, වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝණය කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී මේ පිළිබඳව නිෂාම් කාරියප්පර් මන්තීවරයාට විරුද්ධව ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කොට ඒ ගැන කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවට ද ඇතැම් තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් පවසන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි කාරක සභාවක දී හෙළිදරව් වන කාරණා එම කාරක සභාවේ අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම බරපතළ වරදක් සේම එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවයි.
