සුභ ආරංචියක් 05 දෙනෙකුට උසස්වීම්
76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.
මෙම නිර්දේශය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව වාර්තා කරයි.