පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ - මැතිවරණ කොමසාරිස්
පළාත් සභා ඡන්දය සම්බන්ධව පැවති නීතිය අහෝසි කල බවත්, ඒ වෙනුවට සකසමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නැවතී ඇති බවත් ඒ පිළිබඳව මුළුමනින්ම වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරන ලදි.
එබැවින් ව්‍යවස්ථාදායකය ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද ,ව්‍යවස්ථාදායකයේ සිටින ජනතා නියෝජිතයන් ඡන්දය පිළිබද සාකච්චා කරන මෙන් ඊට අදාල වන නීතිය කඩිනමින් ස්ථාපිත කර ගැනීමට අවංකවම උනන්දු විය යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදි.
2018 දී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණයද අනිවාර්ය අංගයක් වූ අතර එහි කටයුතු අවසන්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු විෂය භාර ඇමතිවරයා ඇතුලු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි වූ බව එතුමා සදහන් කරයි.
එමෙන්ම එය නිරවුල් කිරීම පිණිස පාර්ලිමේන්තුවේ අගමැති ප්‍රමුඛ කමිටුවක් පත් කරන ලද අතර ඉන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද ඇතුළත් කමිටුවක් පත් කර ඇතත් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල වූ බව තවදුරටත් සදහන් කරන ලදි.
කෙසේ වෙතත් මෙම නීතිය ස්ථාපිත කිරීම තවදුරටත් පමා වීම පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපා තිබෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන ලදි.