උසස්පෙළ ප්‍රති­ඵල 100%ක් පෙන්නලා ළමයි 57න් 21ක් කැම්පස් යවපු අමු­ණෙ­ක­ඳුර ඉස්කෝලේ විදුහල්පති කියන කතාව මෙන්න

Report

 බිබිල අධ්‍යා­පන කලා­ප­යට අයත් අමු­ණේ­ක­ඳුර මහා විද්‍යා­ලය මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ විශිෂ්ට ප්‍රති­ඵල පෙන්වූ පාස­ලක් බවට පත්විය.

 2025 වසරේ උසස් පෙළ විභායේ ප්‍රති­ඵල නිකුත් වීමත් සම­ඟ එය වඩ වඩාත් තහවුරු විය.

ඒ අනුව 2025 උසස් පෙළ විභා­ග­යට පෙනී සිටි සිසුන් සිය­ලුම දෙනා විභා­ගය ඉහ­ළින් සමත් ව තිබුණි .

විභා­ග­යට පෙනී සිටි සිසුන් 57දෙනා අත­රින් සිසුන් 21 දෙනකු විශ්ව­වි­ද්‍යාල වරම් ලැබී­මට සමත් විය.

 මෙම ජය­ග්‍ර­හ­ණයත් සමගම මෙම පාසල රටම කතා කරන පාසලක් බවට පත්විය.

 එම විද්‍යා­ලයේ විදු­හල් පති එෆ්.එ‍න්. සම­ර­නා­යක විදු­හ­ල්ප­ති­තු­මා මෙම ජයග්‍රහණය ගැන සදහන් කළේ මෙවන් අදහසක්

“මුලින්ම කියන්න ඕනෑ, මේ ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් අපට තියෙන්නේ නිහ­ත­මානී ආඩ­ම්බර සතු­ටක්. මේ ජය­ග්‍ර­හ­ණය අපි එක­වර ලබා­ගත් දෙයක් නෙවෙයි. වසර ගණ­නා­වක සිට ආචාර්ය මණ්ඩ­ලය හා දරු­වන් කරපු කැප­කි­රී­ම්වල ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙවර අපේ විද්‍යා­ලයේ උසස් පෙළ ප්‍රති­ඵ­ලය 100%යි. විභා­ග­යට ඉදි­රි­පත් වුණු දරු­වන් 57 දෙනාම විභා­ගය ඉහ­ළින්ම සමත්. ඒ දරු­ව­න්ගෙන් විසි එක් දෙනෙක් විශ්ව­වි­ද්‍යාල වරම් ලබ­න­කොට පළ­මු­වැනි දෙසිය දෙනා අතර මේ දරුවො ඔක්කොම ඉන්නවා. ඒ වගේම දිස්ත්‍රි­ක්කයේ 3 – 4 – 7 – 8 ගත්ත දරු­වොත් ඒ අතර ඉන්නවා.

තවත් දෙයක් තමයි මේ දරුවෝ 57න් 54ක්ම ඉංග්‍රීසි විෂය සමත්. ඒ වගේම විශ්ව­වි­ද්‍යා­ල­යට තේරුණු දරුවෝ ඉංග්‍රීසි විෂය ඉහ­ළින්ම සමත්. වැද­ගත්ම දේ තමයි මේ සිය­ලුම දරුවෝ අවු­රුදු දෙක පුරාම ඉස්කෝලේ ආවා. අපි සැලැ­ස්මක් ඇතු­වයි වැඩ කළේ. ඒ නිසා විභා­ගෙට මාස පහ­කට කලින් විෂය නිර්දේශ අව­සන් කළා. ඉතිරි මාස පහ විභා­ග­යට සූදා­නම් කළා. ඒ සාමාන්‍ය විදි­හට නෙවෙයි. ජාතික මට්ටමේ විභා­ග­යක් විදි­හ­ටම. මාස පහ අව­සන් වෙන­කොට දරුවෝ විභාග ප්‍රශ්න­ප­ත්‍රය අනු­මාන කරන තර­ම­ටම දක්ෂ දරු­වන් පිරි­සක් බවට පත්වුණා. හැම මාස­ය­කම දරු­වෙක් විෂය කරුණු සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කිරී­මක් කරන්න ඕනෑ. ඒ වගේම හැම පාඩ­මක්ම තනි කොළ­ය­කට සාරාංශ ගත­ක­රන්න ඕනෑ. අපි සති­ය­කට දවස් දෙකක් දරු­වන්ගේ මාන­සික මට්ටම හදන්න, ආත්ම­ශ­ක්තිය වැඩි කරන්න වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­නවා.

ඒ වගේම තවත් අපේ පාස­ලට අනන්‍ය වූ වැඩ­ස­ට­හන් රැසක් තියෙ­නවා. එයින් දරු­වන්ගේ ඉගෙන ගැනී­මට තියෙන ආශාව හා උන­න්දුව වැඩි කරන්න හැකි වුණා. ඒකට මඟ­පෙ­න්වීම කරපු ගුරු­වරු කාලය වෙහෙස මහ­න්සිය නොබලා විශාල කාර්ය­භා­ර­යක් ඉටු කළා. ගිණු­ම්ක­ර­ණය එස්.කේ. ලලිත් රණ­සිංහ ගුරු මහතා, ආර්ථික විද්‍යාව එච්.එම්.ටී. සම්පත් ගුරු මහතා, ව්‍යාපාර අධ්‍ය­ය­නය එම්. කේ.ඩී. මදු­රංග ගුරු මහතා, ඉංග්‍රීසි විෂය ටී.එම්.ඩී.එන්. මල්කාන්ති ගුරු මහ­ත්මිය හා යූ.එල්. රංජනී කාන්ති ගුරු මහ­ත්මිය ඉගැ­න්වීම් කළා. මේ වෙලාවේ ඔවුන් ගැන සිහි­පත් කළ යුතු­මයි. ''

Gallery