කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් දාගෙන ඇවිත් මාට්ටු වූ හැටි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 31, 2023 10:20 AM GMT
Wayomi

Wayomi

Report

කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් මත්ද්‍රව්‍ය සගවාගෙන ඒම හේතුවෙන්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපල, බටුවිට ප්‍රදේශයේ පදිංචි 45 හැව්රිදි පුද්ගලයෙක් වන අතර මත්කුඩු සම්බන්දයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් තිදෙනෙකු බැලිම සඳහා මෙලෙස පැමිණ ඇත.

එහිදී සැකකරු බත් සහ ව්‍යංජන වෙන් වෙන් වශයෙන් ප්ලාස්ටික් භාජනවල රැගෙනවිත් ඇති බවත්, බන්ධනාගාර නියාමක වරයෙක් පරීක්ෂා කිරීමේදී කුකුළු මස් කෑල්ලක් අස්සේ කුඩා පොලිතින් කවරයක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ReeCha