කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ සාමාජිකාවගේ තනතුර අහිමි වේ

Report

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ සාමාජිකාවක් වන සොහාරා බුහාරි නැමැති තැනැත්තියට පක්ෂය විසින් ගත් විනය ක්‍රියා මාර්ගය හේතු කොට ගෙන තම මන්ත්‍රී පදවිය අහිමි වී තිබේ.

පසුගිය දා කොළඹ මහ නගර සභික පසුගිය අයවැය ඡන්දයේදී පක්ෂය විසින් දෙන ලද උපදෙස් වලට පටහැනිව ජාතික ජන බලවේගයට පුරපති වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම හේතු කොට ගෙන ඇයට විරුද්ධව පක්ෂයේ ලේකම් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් විසින් මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන තිබුණු බවට සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ තනතුර අහිමි වී ඇති බව මැතිවරණ කොමසාරිස් විසින් දන්වා තිබේ. මෙම නිවේදනය රජයේ ගැසට් පත්‍රය මගින්ද පළ කර ඇති බව සඳහන් වේ.

දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්