අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?
පාර්ලිමේන්තු සංකීර්ණයේ අරගල අතරතුර ගිනි තැබීමට උත්සාහ කළ අයටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළ අයට මෙන් මරණ දඬුවම නියම කළ යුතු බවට සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පැවසූ බව වාර්තා වේ.
ඒ අනුව, "අරගලය සමයේදී හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ අයට අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අපි සාදරයෙන් පිළිගනිමු.කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයටත් ඒ විදිහටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙම උත්සාහය පිටුපස වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන් සිටියා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.