විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය
By Kanchana
තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
එම පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (12) පෙරවරුවේ එම කටයුතු අත්හිටුවීමට ඔවුන් ගෙන තිබුණි.
එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ අද දින කාර්යාල පරිශ්‍රයට පැමිණි අයට ලබන සඳුදා (16) දින පැමිණ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කළ බවයි.
කෙසේ වෙතත් මේ වනවිට පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් සුපුරු පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි .