අරමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඉකුත් අරගල සමයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකු ජනාධිපති සමාව ඉල්ලීමට පෙර අඳාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට පුවතක් වාර්තා වේ.
ඒ අනුව ගම්පහ මහාධිකරණය මඟින් ඊයේ (11) දින මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව වරදකරුවන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති සමාවක් ලබා ගැනීම හෝ ඉදිරි පියවර පිළිබඳව කරුණු තම නීතිඥවරුන්ගෙන් විමසා තිබෙනවා.
එම අවස්ථාවේදී නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව වෙනුවෙන් ඉල්ලුම් කිරීමට පෙර පවතින නීතිමය අවස්ථාව වන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම බවයි.
ඒ අනුව ජනාධිපති සමාවක් ඉල්ලා සිටීම ඊළග පියවරක් වශයෙන් සුදුසු බවත් නීතීඥයන් පෙන්වා දී තිබෙනවා.
එබැවින් පළමු පියවර ලෙස නුදුරේදීම මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වය මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන්.
එමෙන්ම ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් ලෙසයි.
විත්තිකරුවන් 37 දෙනෙකු අතුරින් 12 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව තීරණය වූ අතර, ඔවුන්ට මරණ දඬුවම නියම කර ඇත.
ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත් අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවයි.
කෙසේ වුවද විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් දෙපළගේ බහුතර එකඟතාවය වූයේ අදාළ විත්තිකරුවන් 12 දෙනා වරදකරුවන් බවයි.
එබැවින් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී ක්‍රියාත්මක වන පරිදි විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ අධිකරණය, එතෙක් ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.