මේ ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් දැනුම්දීමක්

Report

මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාව සඳහා කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කර ඇත.

රජයේ මුල්‍ය දායකත්වයෙන් ස්ථාපිත මෙම විද්‍යාගාරය මගින්, මධ්‍යම පළාත තුළ ඇති මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා යොමු කරන ලද ජල සාම්පල පරීක්ෂා කර, ඒවා ජනතා පරිභෝජනයට සුදුසුදැයි තහවුරු කරනු ලබයි.

දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ, මෙම ආවේක්ෂණ විද්‍යාගාරය තවත් පුළුල් සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඉදිරියේ දී ආහාර සාම්පල් පරීක්ෂා කිරීමටද බලාපොරොත්තු වන බවයි.

මෙම ක්‍රියාවලිය මගින්, ජනතාව පරිභෝජනයට ගන්නා ජලයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට, සහ ජලය හරහා පැතිරෙන වසංගත රෝග පාලනයට උපකාරී වනු ඇත.

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - නොකලොත් වසර 3ක් සිර දඬුවමක් හා දඩ මුදල්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - නොකලොත් වසර 3ක් සිර දඬුවමක් හා දඩ මුදල්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර