ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීමෙන් රජයට පාඩු සිදු කළ බව චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂක මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අලුත් නඩුවකට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබුණි. මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවා තිබුණි.
එහිදී වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.
පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 6 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.